මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ??

 

මේක ගොඩක් ජනප්රිය ප්රශ්ණයක් ඒත් තාම හරිහැටි උත්තරයක් නෑ....ඉතින් මං හිතුවා අද මේ ගැන උපන්යාශ ටිකක් ගොඩනගන්න....
පලවෙනි එක
චංචලයි මලිතුයි කියන්නේ එකම අම්මගෙන් උපන් නිවුන් සහෝදර සහෝදරියෝ නම්?පොඩි කාලේ උන හදිසි කරදරයක් නිසා මේ දෙන්නා වෙන්වෙලා නම්??? ඒ දෙන්න භෞතිකවශයෙන් දුරස් වුනත් ලේ බැඳීම නිසා අනේකාට කරදරයක් වෙනකොට දුකක් වේදනාවක් දැනෙන කොට ඒකම අනෙකාටත් දැනෙනවා නම්?? එහෙනම් චංචලාටත් මලිත්ට ගහනකොට ඇඬෙන්න පුලුවන්!
දෙවෙනි එක
අහක යන නඩු ඔටෝ ඇඟේ පාත්වෙලා කෙලවෙලා පෙර අත්දැකීම් ඇති නිසා මලිත්ට සම්බුව වදිනකොට ඊලඟ ගුස්පිය මට කැරකෙයිදෝ යැයි සාධාරණ සැකයක් චංචලා තුල ඇතිවීම නිසා නොදැනුවත්වම ඇයට ඇඬුනා විය හැක.
තුන්වෙනි එක
චංචලා යනු නැටුම් ශිල්පිනියකි..ඇගේ පාසල් පාසල් නිල ඇඳුම මත ඇය පාසලේ ඉගෙනුම ලබන බවත් ශරීරාංග නිරික්ෂණය මගින් ඇය උපේ පන්තියේ බව නිගමනය කල හැක.කෙසෙනමුත් කලාවට බර කෙනෙක් යැයි සරලවම සාමාන්යකරණය කලහැක .සාමාන්යෙන් කලාව හාබැඳුන අය සතුව අනුවේදනය, සහානුවේදනය ආදි ලක්ශණ දක්නට ලැබේ...ඒනිසා ඇයත් සහානුභූතියෙන් යුතු අයෙක් යැයි උපකල්පනය කල හැක.සහානුභූතිය හෙවත් සහානුවේදනය යනු අනෙකාගේ චිත්ත ස්වභාවය තමාවෙත ආරූඬ කරගෙන ඒ හැඟීම අවබෝධ කරගැනිමෙ හැකියාවයි..එමනිසා මලිත්ට ගහන අවස්ථාවේ චංචලා එම වේදනාව තමාට ආරූඩ කරගත්තා විය හැක.
හතරවෙනි එක
චංචලා යනු කෙල්ලෙකි..කෙල්ලො බහුතරය මායම් දමයි...එමනිස චංචලාද 64 මායම් පෑවායැයි උපකල්පනය කලොත් චංචලා මලිත් රැවටීමට බොරුවක් දැමුවාදැයි සැක උපදි...මන්ද ඇගෙ රංගනයට මලිත් රැවටුනොත් ඇයට මලිත්ට කියා රීලෝඩ් එකක් දමා ගැනිම,තෑග්ගක් ලෙස පෝන් එකක් ලබා ගැනිම,අච්චාරු බෑග් එකක්,සීනි පොල්කොහු බෑග් එකක් වැනි ප්රතිලාභ ලබාගැනිමට හැකියාවක් ඇති නිසයි
පස්වෙනි එක
අපි හැමෝගෙම දැක්මවල් වාදභරිතය..එනම් අපෙ හිතේ තියෙන දේ අනුව ගන්න නිරික්ෂණවල අර්ථය තේරුම් ගැනිම වෙනස් වෙ..ඒනිසා සමහර විට මලිත්ට ගහනකොට චංචලා ඇඩුවේ නැත විය හැක.ඇය ශේප් එකේ හොටුකැල්ලක් කටේ දාගන්න,ඇහැටගියපු රොඩ්ඩක් අයින් කරන්න,කබකඩලා කටේ දාගන්න උත්සහ කලා විය හැක.නමුත් අර ටීචර්ගේ සැකය නිසා මලිත්ට ගහන්කොට චංචලා ඇඩුවා යැයි සිතා උපකල්පනය කරලා අර ප්රශ්නේ ඇහුවා විය හැක..එ ප්රකාශය විශ්වාස කරලා අපි මලිත්ට ගහනකොට චංචලා අඩයි කියමින් විශ්වාස කරන්න පටන් අරන් ඇතිදෝ යැයි සැකයක් මට ඇතිවෙ!
කොහොම උනත් මලිත්ට ගහනකොට චංචලා ඇඩුවේද ?ඇඩුවනම් ඇයි යන්න තාමත් අභිරහසකි...තවමත් ඇත්ත කතාව දන්නේ චංචලා පමණි.

Comments

Popular Posts