ශ්‍රී බැටාම්මාන් එක්ක #යං.
බැටාම්මාන් දේවතාවා කිව්ව නිසායි මේකට ගත්තෙ! ඒනිසා ඔහේගෙ පස්පඩංගු දොඩවන්නෙ නැතුව මේක බලන උගත් බුද්ධිමත් පාඨකයොන්ට කියවන්න වටින උපදෙස් ටිකක් ලියහන්!
මෙහෙම කිව්වෙ අපේ එඩිටර් මහත්තයා.ඔන්න ඔය නිසා මං මේක කියවන ඈයොන්ට පොඩි උපදෙස් ටිකක් දෙන්න හිතාගත්තා
අද මාතෘකාව "ෆිල්ම් හෝල් එකකදි වදකාරයෙක් නොවන්නෙ කෙසේද?"
ඒකට කලින් අපි මේ වදකාරයො කවුද කියලා අඳුරගමු.
Sleeping Beauty
සල්ලි ගෙවලා ඇවිත් හෝල් එකේ බුදියගන්නේ මේ කාණ්ඩෙ අය.බොක්කෙන් ෆිල්ම් එකක් බලන කොට එහා පැත්තෙ එකාට නින්ද ගිහින් ඌගෙ ඔලුව අපේ උරහිසට කඩං වැටුනොත් ඒක මාරම ඇණයක්නෙ.වැරදිලා හරි හොරර් ෆිල්ම් එකකදි නම් කලිසමේ මුත්රා පහවෙන්න උනත් පුලුවන්.නිදාගත්ත එකා ගොරවන්න එහෙම පටං ගත්තො ඔය ආතල් ඩබල් වෙනවා.
ඇවිදින හොස්පිටල්
හෝල් එකේ එහා පැත්තෙ ඉන්න බුවා පරණ ට්රැක්ටරයක් ස්ටාර්ට් කරලා වගෙ කහිනවානම්,බුරංපි සිංඥෝ හොරණෑ ගහනවා වගේ හුස්ම ගන්නවානම් නැත්නම් සැරින් සැරෙන් සද්දෙට කිවිසුං අරිනවානම් කොහොමද? අන්න ඒවගේ ඈයො සෙට්වෙන්නෙ මේ කාණ්ඩෙට. ඔකුන්ගෙ ලෙඩ බොවෙයිද කියලා හිතන්නයි,සද්දෙ ඇහෙන ඇහෙන පාර ගැස්සිලා උඩ යන්නයි ,ෆිල්ම් බලන එකයි තුනම බැලන්ස් කරන්න ගියාම ඉතින් පිස්සු හැදෙනවා.
ටෙලිපෝං කන්නංගරලා
ෆිල්ම් එක පෙන්වන අතරේ පොන් use කරන ඈයෝ ඉන්නේ මේ කාණ්ඩේ.ඇස් කලුවරට හුරු වෙලාඉද්දි එකපාරට ලඟ ඉන්නඑකෙක් Brightness Full දාලා ස්ක්රීන් එක ඔන් කරාම ඇස් ගිනිකන වැටිලා මෙලෝ හත්තිලව්වක් පෙන්නෙ නැතුව ඉන්නකොට එනසතුටට උගෙ පොන් එක හපංකතැකි.එවගේම තමයි ෆිල්ම් හොල් එකේ සවුන්ඩ් සිස්ටම් වලටත් වඩා මහ හයියෙන් කෝල් ගන්න ඈයො.බොක්කෙන් ෆිල්ම් එක බලනකොට එකපාරට එකෙක් මහ සද්දෙන් ගෙදර බඩු ලිස්ට් එක එහෙම කියද්දි දැනෙන දේ හිතාගතැකිනේ?
බඩජාරිය
ෆිල්ම් එකක් බලනකොට මොනාහරි කන ඒක සාමාන්ය දෙයක් නෙ.ඒත් සමහරු ඉන්නවා ෆිල්ම් එක පටං ගත්ත වෙලේ ඉඳන් මොරටුවෙ ලී ඉරනවා වගෙ බරාස් බරාස් ගාලා මහ සද්දෙට මොනාහරි හපන එවගෙ අය මේ වංශෙ.ඔය වගේ සද්ද එක්ක කොහොමද හිත නිදහසෙ ෆිල්ම් එකක් බලන්නෙ?
හනිමුන් කපල්
අපේසමහර කපල් වාඩිවෙන්න සීට් තියෙන කලුවර ප්ලේස් එකක් නිසාම විතරක් ෆිල්ම් හොල් වලට එන අයත් ඉන්නවා.ඔන්න ඉතින් ෆිල්ම් එක පටං ගත්ත ගමං ඒ අය ඒඅයගෙ ලෝක වලට ගිහින් උම්ම දෙන්නයි අරවා කරන්නයි මේවා කරන්නයි ගත්තාම උගෙ වටේ වාඩිවෙලා ඉන්න උන් සැහෙන්න අපහසුතාවයකට ලක්වෙනවා.
කාමාතුරයො
මේ ඉන්නෙ බස් ජැක්කාරයොන්ගෙ වෙන වර්ශන් එක.මේ අය ඇත්තටම එන්නෙ අසහනය පිටකරගන්න මිස ෆිල්ම් එක බලන්න නම් නෙවෙ.කොහොම උනත් මෙ අයගෙන් වැඩිම හානියක් තියෙන්නෙ කෙල්ලොන්ට හැබැයි පුතෙ කොල්ලොන්ටත් මේවගේ උන්ගෙ අතපතගැම් වලට මුහුණ දෙන්නවුන අවස්තා නැතුවම නෙවේ.කොටින්ම කොළඹ සමහර ෆිල්ම් හොල් වල 7.30 ශෝ එක කියන්නෙ සමරිසි අය අඳුරගන්න තැනක් බවටත් පත්වෙලාතියෙනවලු.
තාප්ප
මේ අයට නම් ලොකු වැරැද්දක් කියන්න බෑ.ඇත්තටම ටිකක් උස මහත කස්ටිය තමයි
මේ අංශෙට වැටෙන්නෙ. මේ අයගෙ ඇඟට වැහිලා ස්ක්රීන් එකේ පදාසයක් හරි ස්ක්රීන් එකම හරි වැහෙන එක තමයි මේ අයගෙන් වෙන ලොකුම හානිය.ටිකක් උස අඩු කෙනෙක් ඉස්සරහින් මෙවගෙ කෙනෙක් වාඩි වුනොත් එයාට දෙයියන්ගෙ පිහිටයි රොනාල්ඩෝ ෆිල්ම් එකෙ චූන් එක වැඩිඋනාම ඉස්සරහා පුටුවට ඉබේමපයින් ගැහෙන්නෙ මේඅයට හිතලා නොකලත් බොක්කෙන්ම ෆිල්ම් එක බලන එකෙක්ගෙ පුටුවට ඔහොමපයින් පාරක් වැදුනාම නම්ගහපු එකාගෙ අම්මට පින් පමුනවන එකසාමාන්ය දෙයක්.
මීට අමතරව පොඩි බබාලා අරං එන අය,සැරින් සැරෙ නැගිටල යන ඈයො, පරක්කු වෙලා එන ඇයොත් ෆිල්ම් බලන අනිත් අයට සැහෙන්න ඇණයක් වෙනවා.
ඉතින් මගේ ස්වර්ණමය උපදෙස තමයි "කවදාවත් ඔය උඩකිව්ව ජාතියෙ බුවෙක් නම් වෙන්න එපා!" ස්තූතියි !!
ඔබට බැටාම්මාන් සරණයි!
Comments
Post a Comment