ලංකාවෙ අරක්කු

 අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවෙ තියෙන වලි අතර තිබ්බ තවත් එක ආතල් වලියක් තමා අරක්කු සහ අරක්කු වලට අකමැති ඇයොන් අතර තිබ්බ වලිය.ඔය වලිය කොහොමින් කොහොම හරි එකේක ඇයොන්ගෙ මතවාද එක්ක එකේක ප්රොපගැන්ඩා එක්ක එහෙමෙහෙ කැරකිලා මේවෙනකොට සැහෙන්න බරපතල විදියට මතු වෙලා තියෙනවා.

අරක්කු වලට අකමැති අයගෙ ලොකුම පොයින්ට් වෙන්නෙ ඕකෙන් මිනිස්සු ලෙඩ වෙනව,ළමයිහදන්න බැරිවෙනව,රණ්ඩුවෙනවා,මැරෙනවා,එතකොට ජාතිය වඳවෙනවා වගෙ එවා.මට අනුව නම් ඔය ටික ඔක්කොටම මුලිකම හෙතුව මිනිහාගෙ ආකල්ප මිස අරක්කු නෙවෙ.මොකො අරක්කු ටිකක් හිමිට බිලා අරක්කු පෞලත් නඩත්තු කරලා හැම පැත්තෙම බැලන්ස් කරන් සැහෙන කාලයක් ජිවත් වුන වෙන උන් මේ සමාජෙම ඕනෙ තරම් ඉන්නවානෙ.එතකොට ඉතින් තමන්ගෙ ලිමිට් දන්නෙ නැති එවුන්ගෙ මෝඩ ආතල් නිසා අරක්කු වලට කැමති අනිත් මිනිස්සුන්ගෙ ආතලුත් කඩන්න ඔනෙ කියන එක මටනම් හෙනම මරිමොල් කතාවක්.
අනික ඉතින් මිනිස්සු කොහොමත් මැරෙන බව දැන ජිවත් වෙන එකෙ මැරෙන්න කලින් තමන් කැමති දෙයක් කරනකොට ඒක හරිද වැරදිද කියලා වෙන මිනිහෙක්ට විනිශ්චය කරන්න බැ කියන එක මගෙ පෞද්ගලික මතය.ඒනිසා අරක්කු බොන එක බලන් ඉන්නම අමාරුනම් ඔයාලට කරන්න තියෙන්නෙ බොන උන්ට බීලා උන්ගේ පාඩුවෙ උන්ගේ ආතල් එක අරං මැරෙන්න දෙන එක ඊටපස්සෙ එයාලා නැති ලොකෙක ඔයාලට සතුටින් ඉන්න ඇහැකි නෙ.
හැබැයි මහත්තයො ලංකාවේ අරක්කු වලට විරුද්ධව හඬනගන්න අම්බානට මිනිස්සු හිටියට අරක්කු ගැන කතා කරන්න එවෙනුවෙන් පෙනි ඉන්න ලංකාවෙ අඬුම හරිහමං ප්රමිතිආයතනයක් වත් නැති බව ඔයැයිලාට මතක තියාගන්න වෙනව.එහෙම කියන්න බලපාපු මූලික් හේතුව තමයි මෑත කාලෙදි ලංකාවෙ අරක්කු විශවෙලා සැහෙන්න පිරිසක් මරණයට පත්වෙලා සහ රොගීවෙලා තියෙනවා.ඒනිසා අපි කන තෙලුත් විස එකෙ ඔවා මොනාද කියලා හිතලා මේක අත පිහින්න බැරිතරමට මේක දුර ගිහින් ඉවරයි.මේ කතාකරන්නෙ ඒගැන.
ලංකාවෙ අරක්කු කියන්නෙ ඇත්තටම මොනාද කියලා ඇහුවොත්, සරලවම පොල් රා අරං පෙරලා පිරිපහදු කරලා හල්මිල්ල හරි තේක්ක හරි මොනාහරි ගුදමක අවුරුද්දක් විතර පරණ කරලා ගන්න බීමක් විදියට හඳුන්වලා දෙතැකි.ඔය බීම එක ආයෙම අරක්කු වලට පාවිච්චි කොරන පොල් රා ප්රමාණය මත කොටස් 3කට බෙදනවා.
පලවෙනි එක 100% පොල් රා වලින් හදන ඕල්ඩ් ඇරැක් වගේ ඒවා.දෙවෙනිය බ්ලෙන්ඩඩ් අරක්කු එහෙමත් නැත්නම් පොල් රා වලට සීනි හදලා ඉතිරිවන ද්රාවණය එකතු කරලාහදපු ගල් එහෙමත් නැත්නම් අතිවිශේෂ වගෙ.අනිත් කාණ්ඩේ තමා ස්පිරිට් එකෙන් හදපුවා එහෙම නැත්නම් ඔය ඔයැයිලා දැකලා තියෙන white arrack .
ඔය විදියට 100% පොල් රා වලින් හදන එවට අමතරව එක්කම බ්ලෙන්ඩඩ් එවා,පස්සෙ ස්පිරිට් එවා එහෙම හදන්න බලපාපු මුලිකම හෙතුව වෙන්නෙ අපේ ලංකාවෙ අයියලා ගසන ගැසිල්ලට සපයන්න තරම් අරක්කු හදන්න පොල් රා නොමැති වීමයි.ඒත් මෙ වෙනකොට එහෙම කරලා බෙරන්නත් බැරිතරම් අරක්කු ඉල්ලුමක් ලංකාවෙ හැදිලා තියෙනවා කොහෙන්ද මන්දා මම කියොපු විදියකට ලංකාවෙ 38% විතර මධ්යසාර භාවිතාකරනවා කියනවානෙ.ඉතින් තෙරෙනවානෙ ඉල්ලුම.ඕං ඔය ඉල්ලුමට පොල් රා සපයන්න බැරි උනාම අපේ ඇයො ලේසියට යීස්ට්,සීනි එක්ක ඇමෝනියා කලවං කරලා ගහනවා කෘතිම රා එකක්.ඔන්න ඕක තමයි අර විස හෙන ගෙඩිය පටං ගන්න තැන.
අරක්කු වලට ප්රමිතියක් තිබ්බට ඔහොම කෘතිමව හදන රාවලට ප්රමිතියක් තියෙනවද බලන්න තියා ප්රමිති සහතිකයක් දෙන්න වත් ලංකාවෙ හරිහමන් ආයතනයක් නැ.එහෙව් එකේ මෙහෙම හදන රා වලට කොච්චර ඇමොනියා වැටෙනවද එවා හරි ගාණට මිම්මටද දැම්මෙ කියලා අපිට හරියට නියාමනය වෙන්නෙ නැ. වැරදිලාහරි ඔය රා වලට ඇමොනියා වැඩිඋනොත් ඉතින් ඒවා බොන එවුන්ට බඩුපැකට් වෙනවා.
අනික ඉල්ලුම එන්න එන්න වැඩිවෙනකොට අපේ ඇයොන්ට මේක තව වේගවත් කරන්ඩ ඔනෙ නිසා ඕකට උත්ප්රේරකයක් වෙච්ච නිකල් කැඩ්මියම් පාවිච්චි කරනවා.නිකල් කැඩ්මියම් හොයන්න නැතිවෙනකොට සහ ලේසියට අපෙ ඇයො කරන්නෙ ඕකට පරණ පෝං බැටරි ඔබන එක.නිකල් කැඩ්මියම් ඇමොනියා එක්ක එහෙම ලොකුවට ප්රතික්රියා නොකරට බැටරියේ තියෙන අනිත් රසායන ද්රවය මෙවා එක්ක කලවං වෙනවා කියලානෝනෙ හරකෙක්ට තෙරෙනවානෙ ඔන්න ඉතින් රා විස වෙනවා.
අන්න එතකොට එවා දාලා හදන අරක්කු විස වෙනව.එහෙම උනොත් බොන උන් හුචස් ගාලා මැරෙනවා. ඕකට හොඳම උදාහරණේ ඉතින් පහුගිය 17 ගලෙන්බිඳුනු වැව පැත්තෙ දෙන්නෙක් මැරිලා තව දෙන්නෙක් දැඩිසත්කාරේ දාපු සීන් එක. ඔයනිසම තමයි පහුගිය කාලෙ stf එකෙන් ඕසෙට කෘතිම රා හදන ඇයො ඇල්ලුවෙ.
ඕං ඕක තමයි දැනට ලෝකෙ පොල් රා වලින් අරක්කු හදන ප්රධානම රට වෙච්ච අංකාවෙ තත්වෙ ඇහ්.අපේ අරක්කු වල තත්වෙ කොහොමත් සැහෙන්න අවුල්,අම්බානට විෂ සහිතයි කියලා බුද්ධික පතිරණ මහත්තයා පහුගියදා කියනකොට ඒකම ගිය අවුරුද්දෙ රසපරික්ෂණ දෙපාර්තමේන්තුවෙ විමලගම නෝනත් කියද්දිත් එවාට රජයෙන් වත් කිසි පිලියමක් ගන්නෙනැතිව මේ මොහොතෙත් හුරේ රන් කියලා මෙහෙම විස අරක්කු හදන එක සිද්ද්වෙනවා.
අනිත් ආතල්ම සීන් එක ලංකාවෙ ප්රමිතිකරණ ආයතනය අරක්කු වලට ප්රමිතියක් ගෙනල්ලා මෙහෙම හදපං කිවාට එහෙම හදනවද බලන්න කිසිම ආයතනයකුත් ලංකාවෙ නැ.එහෙව් එකෙ කෘතිම විෂ රා වලට අමතරව මොන මොන විදියෙ කුණ්ඩවාල වෙනවාද කියලත් දන්නෙත් නැ ඒගැන බලන්න අයත් නැ.
දැන් මෙතන අරක්කු බොන්නෙ නැති ඇයො අනේ වස කියලා දැන දැන බොන එකනේ ඒනිස තව වස් තිබ්බට මොකො කියලා,අර ප්රමිතියෙ නෝනා වගේ ටොක් දෙන්න තියාගන්න එපා..ඔය කෘතිම රා වලින් විනාකිරි එහෙමත් හදනවා එවැයින් තොපේ වකුගඩු අක්මා එහෙමත් දියවෙනවා හොඳෙ.
ඒනිසා අහන්න තියෙන්නෙ ඉන්දියාවෙ එහෙම සමහරපැතිවල ප්රාදෙශියව හදන අරක්කු බීලා ගම් පිටින් මිනිස්සු මැරෙනවා වගේ සිද්දි ලංකාවෙත් වෙලා මිනිස්සු රටවටින්ම මැරෙනකන්ද මෙවට පිලියමක් නොයොදා ලංකාවෙ බළදාරින් බලන් ඉන්නෙ කියලා විතරයි.

Comments

Popular Posts