ලංකාවෙ අරක්කු
අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවෙ තියෙන වලි අතර තිබ්බ තවත් එක ආතල් වලියක් තමා අරක්කු සහ අරක්කු වලට අකමැති ඇයොන් අතර තිබ්බ වලිය.ඔය වලිය කොහොමින් කොහොම හරි එකේක ඇයොන්ගෙ මතවාද එක්ක එකේක ප් රොපගැන්ඩා එක්ක එහෙමෙහෙ කැරකිලා මේවෙනකොට සැහෙන්න බරපතල විදියට මතු වෙලා තියෙනවා. අරක්කු වලට අකමැති අයගෙ ලොකුම පොයින්ට් වෙන්නෙ ඕකෙන් මිනිස්සු ලෙඩ වෙනව,ළමයිහදන්න බැරිවෙනව,රණ්ඩුවෙනවා,මැරෙනවා,එතකොට ජාතිය වඳවෙනවා වගෙ එවා.මට අනුව නම් ඔය ටික ඔක්කොටම මුලිකම හෙතුව මිනිහාගෙ ආකල්ප මිස අරක්කු නෙවෙ.මොකො අරක්කු ටිකක් හිමිට බිලා අරක්කු පෞලත් නඩත්තු කරලා හැම පැත්තෙම බැලන්ස් කරන් සැහෙන කාලයක් ජිවත් වුන වෙන උන් මේ සමාජෙම ඕනෙ තරම් ඉන්නවානෙ.එතකොට ඉතින් තමන්ගෙ ලිමිට් දන්නෙ නැති එවුන්ගෙ මෝඩ ආතල් නිසා අරක්කු වලට කැමති අනිත් මිනිස්සුන්ගෙ ආතලුත් කඩන්න ඔනෙ කියන එක මටනම් හෙනම මරිමොල් කතාවක්. අනික ඉතින් මිනිස්සු කොහොමත් මැරෙන බව දැන ජිවත් වෙන එකෙ මැරෙන්න කලින් තමන් කැමති දෙයක් කරනකොට ඒක හරිද වැරදිද කියලා වෙන මිනිහෙක්ට විනිශ්චය කරන්න බැ කියන එක මගෙ පෞද්ගලික මතය.ඒනිසා අරක්කු බොන එක බලන් ඉන්නම අමාරුනම් ඔයාලට කරන්න තියෙන්නෙ බොන උන්ට ...